ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම තව දුරටත් සීග්‍රයෙන් පහත බසිමින් පවතී.
මේ තත්ත්වය මත මෙරට විදුලි ඉල්ලුමෙන් 80%ක පමණ ප්‍රමාණයක් තාප විදුලියෙන් නිෂ්පාදනය කරමින් සිටියි.
කෙසේ නමුත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මේ වන විටත් අමතරව විදුලිය මෙගාවොට් 220ක් මිලට ගැනීම සදහා කැබිනට් අනුමැතියද ලැබී තිබේ.
නමුත් විදුලි ඉංජිනේරුවන් සඳහන් කරන්නේ එසේ ලබාගන්නා විදුලි ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට අවම වශයෙන් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවයි.


No comments:
Post a Comment