රවී කරුණානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර වන ඝට්ටටනය දැන් හොඳින්ම පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මවගේ පියාගේ දේශපාලනය විකුණා ඉදිරියට පැමිණිය නොහැකි බව රවී කරුණානායක මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුළ වන පොරය පැහැදිලි බව ඔහු පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක,සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය සහ නවීන් දිසානායක යන පිරිසම බල පොරයක සිටින බව බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
නමුත් ඔවුන් කිසිවෙකුට රට ගොඩගැනීමට නොහැකි වූ බවත් එය සිදුකිරීමට හැකි වූයේ රාජපක්ෂ පවුලට බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
No comments:
Post a Comment