අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සැමරුම අදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සැමරුම අදයි

72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද පෙරවරු 8.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇත.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙවර නිදහස් දින සැමරුම් උළෙල සඳහා ආරාධිත අමුත්තන් 2,500 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතයි.

අභිමානවත් ති‍්‍රවිධ හමුදා උත්තමාචාර පෙළපාලියකින් හා විචිත‍්‍රවත් සංස්කෘතික අංගවලින් එය අලංකාර වනු ඇති.

ති‍්‍රවිධ හමුදා පෙළපාලිය සඳහා යුද හමුදා භටයින් 4,325 ක් ද නාවික හමුදා භටයින් 868 ක් ද ගුවන් හමුදා භටයින් 815 ක් ද සහභාගිවීමට නියමිතයි.

පොලිස් නිලධාරීන් 1,382 දෙනෙකුද උත්තමාචාර පෙළපාලියට සහභාගි වනු ඇති.

සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 515 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 355 දෙනෙකුද උත්තමාචාර පෙළපාලියට සහභාගිවීමට නියමිතයි.


No comments:

Post a Comment

Post Bottom Ad