මෙරට විශාලම ‘ජන සංහාරය’ට සජිත් සූදානම් වන බව එම පිලේ මන්ත‍්‍රී හේෂා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 18, 2020

මෙරට විශාලම ‘ජන සංහාරය’ට සජිත් සූදානම් වන බව එම පිලේ මන්ත‍්‍රී හේෂා කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන සන්ධානය මේ මේ රටේ විශාලතම ජන සංහාරය නිර්මාණය කරන බව එම පාර්ශවය නියෝජනය කරන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ රක්වාන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
‘අපිත් එක්ක නිර්මාණය ෙවන පුළුල් සංධානය එක්ක එකතුවෙලා ඉන්නෙ කවුද.. රවුෆ් හකීම් මැතුතිමාල.. චම්පික රණවක මැතිතුමාල.. වගේ රටේ ජනතාව ට ආමන්ත්‍රණය කරන්න පුළුවන්, ජන කොටස්වල විශ්වාසය හදාගත්ත ජ්‍යෙෂ්ඨ නායකයන් නායකත්වය දෙන පක්ෂයක්.. ඒ නිසා මේ හැදෙන පුලුල් සංධානය මේ රටේ බිහිවෙච්ච විශාලතම ජන සංහාරය නිර්මාණය කරන්න පුළුවන් පක්ෂය බවට පත්වෙනවා’ යයි ඔහු එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad