ශ්‍රීලනිපය බැසිල් පසු පස යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

ශ්‍රීලනිපය බැසිල් පසු පස යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌මැති ඇමැතිවරුන් විශාල පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීම සදහා කාලවේලාව ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීම් ‌කොට ඇති බව දැනගන්නට තිබේ.

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමු‌ණෙහි සාමාජිකත්වය ලබාගෙන ඒ යටතේ තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ‌මෙසේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉල්ලීම් ක‌ොට ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ‌හෙට (06) දිනයේ සිට ‌මෙම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවීමට කාලවේලාව ‌වෙන් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කර ඇති බවද වාර්තා ‌වේ.

මතුවී ඇති තත්ත්වය මත බොහෝදුරට මහමැතිවරණයේ නාමයෝජනා ලබා ‌දීම ආරම්භ වනවිට ශ්‍රීලනිප සභාපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයේ මන්ත්‍රීවරුන් ‌දෙතුන් ‌දෙනකු පමණක් ඉතිරි වනු ඇති බව ‌දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad