සිරිසේන ගස්.. පාස්කු බෝම්බ චෝදනාව ඔහුට එල්ල වේ.. හේමසිරි-පූජිත සාක්‍ෂි දෙන්න සූදානම් බව ප‍්‍රසිද්ධියේ කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

සිරිසේන ගස්.. පාස්කු බෝම්බ චෝදනාව ඔහුට එල්ල වේ.. හේමසිරි-පූජිත සාක්‍ෂි දෙන්න සූදානම් බව ප‍්‍රසිද්ධියේ කියයි - (video)

නිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය වලක්ව නොගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සඳහන් කරති.
ඔවුන් මාස හතරක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේ අදාල චෝදනාව සම්බන්දයෙන් කිසිදු සාක්ෂියක් නැතුව බවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කළේය.

දැන් හෝ එම සිදුවීමට සම්බන්ධ නියම වරදකරුවන් සම්බන්ධයෙන් සොයාබලා නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත තම සේවාදායකයින් දෙදෙනාම සිදුකර තිබූ බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාක්ෂි විභාග කර කරන්න කොමිෂන් සභාවේ දී තම සේවාදායකයින් සියලු තොරතුරු හෙළි කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

අද ඔවුන් දෙදෙනාට ඇප ලැබීමෙන් පසු අධිකරණ භූමියේදී මාධ්‍ය අමතමින් ජනාධිපති නීතිඥවරයා මේ බව පැවසීය.




No comments:

Post a Comment

Post Bottom Ad