එළඹෙන සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මුල් සතියේදී මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට තමන් විපක්ෂයට යෝජනා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍යය හෙයින් ඊට සහයෝගය ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටි බවයි ඒ මහතා සඳහන් කළේ.
"මාර්තු මාසෙ විසිරුවොත් මහමැතිවරණය සිංහල අවුරුද්දට පස්සෙ. ඒහින්දා අපි කිව්වා ඔබතුමාලා මේ දවස් 15කට මන්ත්‍රීකමට දඟළන්නෙ නැතුව අපි ලබන සතියේ විසුරුවමු. මාර්තු පළමු සතියේ විසුරුවලා අප්‍රේල් අන්තිම සතියේ ඡන්දෙ තිබ්බත් එකයි ලබන සතියේ විසුරුවලා අප්‍රේල් පළමු සතියේ ඡන්දෙ තිබ්බත් එකයි.
දවස් 15කට මන්ත්‍රීකම රැකගන්න දැන් දඟළන්නෙ. කිසිම ප්‍රායෝගිකත්වයක් නෑ. හැබැයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පොදුජන පෙරමුණ විදියට අපි ඉදිරිපත්වෙනවා කියන එක වගකීමකින් කියන්න පුළුවන්" යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මහනුවර, පූජාපිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
Saturday, February 8, 2020
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවා අප්‍රේල් පළමු සතියේ ඡන්දය තියමු - නාමල්
Tags
# ප්රවෘත්ති
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment