පාස්කු බෝම්බ ප‍්‍රහාරවේ පලමු වරදකරු මෛත‍්‍රීපාලයි.. පූජිත-හේමසිරි සත්‍ය හෙලි කරන්න සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

පාස්කු බෝම්බ ප‍්‍රහාරවේ පලමු වරදකරු මෛත‍්‍රීපාලයි.. පූජිත-හේමසිරි සත්‍ය හෙලි කරන්න සූදානම්

සුගිය පාස්කු ඉරිදා දිනයන් මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වලට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් මේ සම්බන්ධයෙන් සත්‍ය විමසිය හැකි බවද ඔහු සඳහන් කළේය.

මේ ගැන හෙලි නොකරන ලෙස ඉල්ලමින් විදෙස් රටක තානාපති ධුරයක් ලබා දෙන බවට පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවද ඔහු පැවසීය.

අදාළ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද පැවසූ මන්ත්‍රීවරයා පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සත්‍ය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවස ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad