එහිදී මෙම නඩුවේ සැකකරුවකු වන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසාමිල් යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කර තිබෙනවා.
2016 වසරේ පෙබරවාරි මස 6 දා ජාතික නිදහස් පෙරමුණ පක්ෂය මගින් එක්ෂත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමිෂමේ සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුගෙ පැමිණීමට එරෙහිව මෙම පුද්ගලයින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. නිසි බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මාර්ග වල රථ ධාවනයට බාදා පමුණුවමින් මෙය සංවිධානය කර ඇති බවට පොලිසිය චෝදනා කර සිටියි.


No comments:
Post a Comment