මං මිරිස්කුඩු මන්ත‍්‍රීගේ පුතා - සල්ලි දීපන් නැත්තම් බලා ගන්න පුළුවන් - කොළඹ ආනන්ද විදුහලේ සිසුවෙක් සෙසු සිසුන්ගෙන් කප්පන් අරගෙන - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 17, 2020

මං මිරිස්කුඩු මන්ත‍්‍රීගේ පුතා - සල්ලි දීපන් නැත්තම් බලා ගන්න පුළුවන් - කොළඹ ආනන්ද විදුහලේ සිසුවෙක් සෙසු සිසුන්ගෙන් කප්පන් අරගෙන

“සල්ලි දීපන් නැත්තම් බලා ගන්න පුළුවන්. මම අහවල් මන්ත්‍රීගේ පුතා.” යැයි තර්ජනය කරමින් පාසල් භෝජනාගාරය තුළදී සෙසු සිසුන්ගෙන් කප්පම් ගන්න එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු ගැන තොරතුරු වාර්තා වෙයි.


කොළඹ ආනන්ද විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන මෙම මැර පුත්‍රයාගේ කප්පම් ගැනීම හමුවේ සෙසු සිසුන් අසරණ තත්ත්වයකට පත්ව තිබේ.

මෙසේ මුදල් ඉල්ලා නොදුන් සිසුවෙකුට එම සිසුවාගේ පන්ති කාමරයටම පැමිණ මම අහවල් මන්ත්‍රීගේ පුතා සල්ලි දීපන් නැත්තම් තොට ගහනවා යනුවෙන් තර්ජනය කළ සිද්ධියක්ද වාර්තා වෙයි.

මෙම මැර පුත්‍රයාව අන් සිසුන් විසින් හඳුන්වන්නේ “අර මිරිස්කුඩු දියකරලා ගහපු එක්කෙනාගේ පුතා” යනුවෙයි.

am.lk

No comments:

Post a Comment

Post Bottom Ad