චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි සිසුන්ට පැයකට වරක් උෂ්ණත්ව පරික්ෂාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි සිසුන්ට පැයකට වරක් උෂ්ණත්ව පරික්ෂාවක්

මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ඔවුන්ව නිරෝධායන කටයුතුවලින් අනතුරුව දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කළ විශේෂ ගොඩනැගිල්ල වෙත රැගෙන යනු ලැබුවේය.

සති 02ක කාලයක් ඔවුන්ට එම ස්ථානයේ රැඳී සිටීමට සිදුවන අතර පැයකට වරක් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වයන් පරික්ෂාවට ලක් කෙරෙයි.

මෙම ශ්‍රී ලාංකිකයින් 33 දෙනා දිවයිනට රැගෙන ඒම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම් කාර්ය මණ්ඩලය වෙත සමාජජාල මාධ්‍ය හරහා බොහෝ දෙනෙකු සිය ප්‍රසාදය පළ කර තිබුණි.

ඒ වෛරසයේ අවදානමද නොසලකා ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් කැපවීමට ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීම හේතුවෙන්.

ප්‍රධාන ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 16 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම ගමනට සම්බන්ධ වීමට පෙර කායික යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කෙරුණි.

එමෙන්ම රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ පුහුණුවක්ද ඔවුන් වෙත ලබාදුන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකික කණ්ඩායමද රැගෙන දිවයිනට පැමිණි ඔවුන් නිරෝධායන කටයුතුවලින් අනතුරුව දැන් සුපුරුදු රාජකාරියට එක්ව සිටියි.

ඔවුන් කළ කැපකිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ ද සටහනක් තබා තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad