අප්‍රිකාවට අර්බුධයක් වූ පළඟැටියන් ලංකාවටත් ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 16, 2020

අප්‍රිකාවට අර්බුධයක් වූ පළඟැටියන් ලංකාවටත් ?

අප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම පළගැටියා පිළිබඳ විස්තර හා වගාවලට හානි සිදු කරන ආකාරය පිළිබඳ අද (17) දින සිට ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළා.

සමූහ වශයෙන් මෙම පළඟැටියන් ගැවසෙන බවත්, ඔවුන් ගස්වල පොතු, කොළ හා ඵලදාවට විශාල ලෙස හානි සිදුකරන බවත් ඔහු පවසා සිටියා.අප්‍රිකාවෙන් වාර්තා වන පළඟැටියන් මේ වනවිට ඉන්දියාවෙන්ද වාර්තා වී තිබෙන නිසා සුළං මගින් ලංකාවට පැමිණීමේ අවදානමක් තිබෙන බවද ඒ මහතා සඳහන් කර සිටියා.

විශාල රංචු වශයෙන් පළඟැටියන් වාර්තා වන්නේ නම් වහාම ඒ පිළිබඳ ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කරන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad