දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා - සම්බන්ධන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා - සම්බන්ධන්

යේ දිනයේ පැවති 72 වන නිදහස් දින උත්සවයට තමන් සහභාගී නොවූයේ ජාතික ගීය දෙමල භාෂාවෙන් නොගැයීම නිසා බව දෙමල ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී R. සම්බන්ධන් මහතා පැවසීය.

මෙම සිදුවීමෙන් මෙරට සමස්ථ දෙමල ජනතාව දැඩි වේදනාවට පත් වූ බවද ඔහු සදහන් කලේය.

මෙමගින් මෙරට දෙමල ජනතාවට නිසි පිලිගැනීමක් හෝ නිසි ගරුත්වයක් ලබා නොදීම නිසා තමන් ඇතුළු දෙමල සන්ධානය එම උත්සවය වර්ජනය කල බවද ඔහු කියා සිටී.

පසුගිය වසර කිහිපය පුරාම නිදහස් උලෙලේදී දෙමල භාෂාවෙන් ජාතික ගීය ගායනා කල නමුත් මෙවර එසේ නොකිරීම නිසා සමස්ථ දෙමල ජනතාවම දැඩි වේදනාවෙන් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad