කිසිදිනක චීනයේ සංචාරය කර නොමැති සිංගප්පූරුවේ 4 දෙනෙ‍කුට කොරෝනා වෛරසය වැළඳෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

කිසිදිනක චීනයේ සංචාරය කර නොමැති සිංගප්පූරුවේ 4 දෙනෙ‍කුට කොරෝනා වෛරසය වැළඳෙයි


 කිසිදිනක චීනයේ සංචාරය කර නොමැති  සිංගප්පූරු ජාතිකයන් හතරදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදේස් මාධ්‍ය අද අණාවරණය කළා.

මොවුන් කිසිදිනක චීනයේ සංචාරය කර නොමැති බවටයි වාර්තාවන්නේ. මේ අතර ජපානයට ළගා වූ පුද්ගලයන් 3500 ක් රැගත් මගී ප්‍රවාහන නෞකාවක සිටි පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එහි ගමන් ගත් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බැවින් එහි සිටි අනෙක් පිරිස නිරෝධායනයට ලක් කිරීමටයි ජපානය තීරණය කර තිබුණේ. අදාළ නෞකාවේ මගීන් 2500 දෙනෙකු ගමන් කර ඇති අතර, කාර්ය මණ්ඩලයේ දහසක් ද එහි සිට තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad