ප්‍රබල ඇමති ජනපති නියෝගය සතපහකට ගණන් නොගනී.... මුදලාලිලා කල්ලියක් සමග කජු ප්‍රති-අපනයනයට සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

ප්‍රබල ඇමති ජනපති නියෝගය සතපහකට ගණන් නොගනී.... මුදලාලිලා කල්ලියක් සමග කජු ප්‍රති-අපනයනයට සූදානම්

භාණ්ඩ ප්‍රති-අපනයනය කිරීමට තහනම් කරමින් ජනපතිවරයා කළ නියෝගය උල්ලංඝනය කරමින් ප්‍රති අපනයනය කිරීම සඳහා කජු මෙට්‍රික් ටොන් 500ක් දිවයිනට ගෙන්වීමට ප්‍රබල ඇමැතිවරයකුගේ මාර්ගයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.

මේ වන විට වයඹ පළාතේ කජු ගොවීන්ගේ වගා බිම්වල කජු මල් පිපී තිබේ. මාර්තු සහ අප්‍රේල් මාසවලදි අස්වනු නෙළීම ආරම්භ කරයි. එහෙත් එම කාලය වන විට කජු තොග ලංකාවට ගෙනැවිත් ප්‍රති-අපනයනය කිරීමට පිරිසක් සූදානම් වන බව කජු ගොවීහු පවසති. මෙම නිසා තම නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බවට ඔවුහු චෝදනා කරති.

මේ දිනවල දිවයින පුරා කජු හිඟයක් පවතින බව කජු සංස්ථාවේ ඉහළ නිලධාරීන් ලවා අමාත්‍යාංශයට දැනුම් දී කජු ආනයනය කිරීමට ඉහත කී ව්‍යාපාරිකයන් සූදානම් වන බවද දැනගන්නට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad