NGO නඩයක් කොළඹට එකතු වෙයි… ජනපතිට විරෝධය පා ජාතික ගීය දෙමළෙන් කියයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

NGO නඩයක් කොළඹට එකතු වෙයි… ජනපතිට විරෝධය පා ජාතික ගීය දෙමළෙන් කියයි !

යේ පෙරවරුවේ පැවති 72වන ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් නොගැයීමට විරෝධය දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් පිරිසක් බොරැල්ලේදී විරෝධතාවක නිරත විය.

එම පිරිස කලු වස්ත්‍රවලින් සැරසී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරමින් සිය විරෝධය දක්වා සිටියහ.
එයට සහභාගී වූ පිරිස් දමිළ භාෂාව නොදන්නා නිසාදෝ සිංහල අකුරෙන් දෙමළ ජාතික ගීය ලියන ලද පත්‍රිකාවක් බලමින් දමිල ජාතික ගීය කියනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් මෙම පිරිසේ ක්‍රියාව සමාජ ජාලාවල දැඩි උසුලු විසුලවලට ලක්වෙමින් විවේචනයට ලක්ව ඇත, සාමාන්‍ය දමිළ ජනතාවට ද දෙමළ ජාතික ගීයක අවශ්‍යතාවය නොමැති පසුබිමක් තුළ අනවශ්‍ය ලෙස ජාතිවාදය ඇවිලවීමට මෙම අවස්ථාවාදීන් උත්සහා කරන බවද සක්සුදක් සේ පැහැදිලිය.


No comments:

Post a Comment

Post Bottom Ad