අඟහරුවාදා වනවිට සමෘද්ධි පවුල් විසිතුන් ලක්ෂයටම 5000 දීමනාව දෙනවා - බැසිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 28, 2020

අඟහරුවාදා වනවිට සමෘද්ධි පවුල් විසිතුන් ලක්ෂයටම 5000 දීමනාව දෙනවා - බැසිල්

ලබන අඟහරුවාදා (31) වනවිට  සමෘද්ධිලාභී පවුල් විසිතුන් ලක්ෂයටම රුපියල් 5000ක මුදල ගෙවා අවසන් කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.



"ලබන අඟහරුවාදා වෙනකොට අපේ සමෘද්ධි පවුල් විසිතුන් ලක්ෂයටම රුපියල් 5000 මුදල ගෙවලා ඉවර වෙනවා. ඊළඟට බදාදා ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා තවත් කණ්ඩායම් තුනකට මුදල් දෙන්න.

ඒ කණ්ඩායම් තුන තමයි වැඩිහිටි දීමනාවට සුදුසුකම් ලබලා දීමනාව නොදී පොරොත්තු ලේඛනයේ හිටපු අයට, හැම ප්‍රාදේශීය ලේකම්වරයෙක් ළඟම ඒක තියෙනවා.

ඊළඟට දෙවැනි කොටස තමයි ආබාධිත දීමනාවට සුදුසුකම් ලැබුවත් නොලැබෙන ආබාධිතයින්ට ඉන්න පොරොත්තු ලේඛනයට අපි දීමනාව දෙනවා.

ඒවගේම සමෘද්ධි ගිය අවුරුද්දෙ කරපු සමීක්ෂණයෙන් සමෘද්ධිලාභියෙක් වියයුතුයි කියලා තිබුණාට ඒ ලේඛනයෙන් කපපු ලැයිස්තුව තියෙනවා සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙක්ටම, ඒ අයටත් අපි දීමනාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා රජයෙන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad