වෛද්‍යවරුන් දෙදෙනෙකුට ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ, තවත් වෛද්‍යවරුන් 10 දෙනෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුව ඇති බවයි.
අප්‍රේල් 7 වැනිදා දක්වා කාල සීමාව තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි බව ද වෛද්‍ය සමන්ත ආනන්ද පැවසිය.
වෛරසය පැතිරීමේ තෙවන අදියර වන කණ්ඩායම් වශයෙන් රෝගය පැතිර ගිය තත්ත්වයක් දැනට පෙන්නුම් කරන බවත්, වෛරසය පැතිරීමේ සිව් වන අදියරට පැමිණිය හොත් භයානයක තත්ත්වයක් බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
අප්‍රේල් 10 තෙක් රටට දැඩි අවධානමක් – හැමෝම පරිස්සමෙන්
පවතින කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන් අද සිට අප්‍රේල් මස 10 වන දා දක්වා කාල සිමාව දැඩි අවධානමක් සහික කාලසීමාවක් ලෙස හඳුනාගෙන තිබේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම අවධානම් සහිත කාල සීමාව පිළිබඳ තීරණය මාධ්‍යයට පවසා තිබේ.
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 115ක් දක්වා ඉහලට !
කොරෝනා ආසාදිත පුද්ගලයින් 104 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
නව කොරෝනා වෛරසය වැළදුණු මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
සැක සහිත රෝගීන් 199 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිති.
වෛරසය වැළදුණු මෙම පිරිසගෙන් පුද්ගලයින් 09 දෙනෙක් ඉන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර මෙරට පළමු කොරෝනා මරණය ඊයේ රාත්‍රියේ වාර්තා විය.
කොරෝනා වෛරසය ආසාදනය වී මෙලෙස ඊයේ (28) මියගොස් තිබුණේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙකි.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, එසේ මියගිය මාරවිල පදිංචි පුද්ගලයා දියවැඩියා සහ අධිරුධිර පීඩනය යන රෝගවලින් පෙළුන අයකු බවයි.
ඊට අමතරව ඔහු වකුගඩු බද්ධ කිරීමකට ද ලක්වූ පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
Sunday, March 29, 2020
Home
ප්රවෘත්ති
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි: ඉදිරි සතියේ කොරෝනා අවදානම ඉහළ යා හැකියි! - වෛද්‍යවරුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වෙලා!!
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි: ඉදිරි සතියේ කොරෝනා අවදානම ඉහළ යා හැකියි! - වෛද්‍යවරුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වෙලා!!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment