පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර, නාගොඩ රෝහල වෙත බාහිර රෝගීන් පැමිණීම සීමා කරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන් අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එම ආයතනය දැනුම්දෙයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දැක්වූ නාගොඩ මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන් දීර්ඝ කාලීන ලබා ගත යුතු ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකස් කර තිබෙනවා.
ඒ අනුව දරුවාට අදාළ සායන සඳහා හෝ විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ වීමේ දුරකථන අංකය පහතින් දැක්වෙයි.
ඒ අනුව දරුවාට අවශ්‍ය පරීක්ෂණ සඳහා හෝ අනිවාර්යයෙන්ම ඖෂධ අවසන් වීමට ප්‍රථමව සතියේ දිනවල පෙ.ව.8 සිට ප.ව 2 දක්වා එම අංකයන් ඇමතීමෙන් තොරතුරු ලබා ගන්නා ලෙසත් රෝහල දැනුම් දෙයි.
එම දුරකථන අංක පහතින් දැක්වෙයි.
අනෙකුත් රෝගී සත්කාරක සේවා සඳහා 0112 693711 / 0112 693712 දුරකථන අංක මඟින් ප්‍රතිකාර ලබා ගත් වාට්ටු ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව ද රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කරයි.
Sunday, March 29, 2020
කළුතර, නාගොඩ රෝහල හා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශෙෂ නිවේදනයක්
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment