අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම එහි අරමුණ වී ඇති බව වාර්තා වේ.
ලබන මස 3 වැනිදාට පෙර අනුමැතිය හිමිවූ ඇප ලබා දිය හැකි සියලු රැඳවියන් නිදහස් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
බන්ධනාගාර අධිකාරිවරුන් ස්කයිප් තාක්ෂණය මගින් අදාළ මහේස්ත‍්‍රාත්වරුන් සමග සම්බන්ධ වී ඊට අදාළ තීන්දු ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව ඉකුත් කාල සීමාව තුළ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් ද පවත්වනු ලැබීය.
Sunday, March 29, 2020
සිරකරුවන් 1460කට නිදහස ලැබෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment