උකුස්සෝ කටුස්සෝ නෙමේ ජනපතිට ගැළපෙන පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න - පොළොන්නරුවේ උකුස්සාට විමල්ගෙන් දැඩි ප්‍රහාරයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 2, 2020

උකුස්සෝ කටුස්සෝ නෙමේ ජනපතිට ගැළපෙන පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න - පොළොන්නරුවේ උකුස්සාට විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්

නාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අරමුණු සහ පරමාර්ථවලට ඔහු බලාපොරොත්තු වන දේශපාලන සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.
ඔහු මේ බව කිටා සිටියේ උත්සව අවස්තාවක් අමතමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද ‘උකුසු’ ප‍්‍රකාශයටද ඔහු එහීදී ප‍්‍රතිචාර දැක්වීය.

“උකුස්සක් රජ කරත්දි කොරෝනා ආවා නම් හැසිරෙන ආකාරය බලා ගන්න තිබුණා. පාස්කු ප‍්‍රහාරය දැනගෙන සිටි උකුස්සන් එය වළක්වා නොගෙන බකන් නිලාගෙන හිටියා.”

මීළඟ මහ මැතිවරණයේදී උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන රට වෙනුවෙන් කැපවන පුද්ගලයන් පාර්ලිමේන්තුව එවීමට ජනතාව තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad