භික්‍ෂූන්ට ඡන්දෙ ඉල්ලන්න එපා කියන්නෙ දෙයියන්ගෙ හාල් කැවිච්ච උන්.. ඒකට මට වඩා සුදුස්සෙක් ඉන්නවද.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 7, 2020

භික්‍ෂූන්ට ඡන්දෙ ඉල්ලන්න එපා කියන්නෙ දෙයියන්ගෙ හාල් කැවිච්ච උන්.. ඒකට මට වඩා සුදුස්සෙක් ඉන්නවද..

 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඉඟි පළකළහ.‍
උන්වහන්සේ සඳහන් කළේ තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන ලෙසට ඉල්ලීම්රාශියක් ලැබී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන අංශය වෙත තෙවන දිනයටත් ඊයේ (7දා) ප්‍රකාශයක් ලබා දෙමෙින් උන් වහන්සේ මේ බව සඳහන් කළහ.

ප්‍රශ්නය: මේ වන විට කතාවට බහට ලක් වෙනවා පාර්ලිමේන්තුවට හාමුදුරුවරු අවශ්‍ය නැහැයි කියලා?

පිළිතුර: මං දන්නෙ නෑ මුන්ට දෙයියන්ගේ හාල් කැවිලද කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? හාමුදුරුවරු කියන්නේ මිනිස් අයිතිවාසිකම් කොන්ඩෙ කපන කොටම නැති කරගත්තු ජාතියක්ද? මේ අදහස් පල කරන උදවියට කියන්න ඕනේ… අපි මහණ වෙනකොට අපේ කැපුවෙ කොණ්ඩෙ පමණක් වග. අපේ මිනිස් අයිතිවාසිකම් කපලා දාලා නෑ. ඒක නිසා කවුරුහරි කියනවා නම් භික්ෂූන් වහන්සේලා මේ දේශපාලන ධාරාවෙන් ඉවත් විය යුතුයි කියලා, ඒක විශාල වරද්දා ගැනීමක්. අපි දන්නවා අද තායිලන්තයට මොකද වෙලා තියෙන්නෙ කියලා.

මේ සියලු දේශපාලන බලවේග වලට උවමනයි, භික්ෂූන් වහන්සේලාගේ ඓතිහාසික භික්ෂු දේශපාලන භුමිකාව අතුගා දමන්න. මම දැක්කා අපේ සමහර නායක හාමුදුරුවරු… අපි කණගාටු වෙනවා ඒ ගැන. මහා නායක හාමුදුරුවරු කියන්න ඕනේ නැහැ කාටවත් නීති පනවන්න කියලා, හාමුදුරුවරු මැතිවරණයට ඉදිරිපත් වීම ගැන. ඒක මහනායක හාමුදුරුවරු අතර සම්මුතියකින් කරගන්න ඕනි දෙයක්.

අපි ඡන්දෙට එනවද නැද්ද, එනවා නම් මොන විදිහටද කරන්න ඕන, ඒක අපි භික්ෂූන් වහන්සේලා විදිහට තීරණය කරන්න ඕනි දෙයක්. අපි මොකටද ගිහියන් ලවා නීති හදව ගන්නෙ? ඒ නිසා කිසිම කෙනෙකු කියන්න ඕනේ නෑ, භික්ෂූන්වහන්සේලා මැතිවරණයට එන්න ඕනද නැද්ද කියලා. ඒක වෙනම කතාවක්. ඉතින් මං හිතන්නේ ඒක වැරැදිම වැරැදි කතාවක් විදිහටයි.

ප්‍රශ්නය: ඔබ වහන්සේත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා ආරංචියක් ලැබෙනවා.ඒකෙ සැබෑ තත්වයක් තියෙනවාද?

පිළිතුර: ඉල්ලීම් ගොඩක් තිබෙනවා. මට වඩා සුදුස්සෙක් ඉන්නවා ද මේ ඇතිවෙලා තියෙන, විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් සහ සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය සම්බන්ධයෙන් කවුරුහරි කතා කරලා තියෙනවද මට වඩා හොඳින්…? මං තරම් බැට කාලා තියෙනවද කවුරුවත් මේවා කතා කරන්න ගිහිල්ලා? මේවා කතා කරන්න අපිට කොතනහරි තැනක් හදලා දීලා තියෙනවද?

ඒක නිසා මේ හිස් මිනිස්සු මැද්දෙ කුමක් හෝ අපිට කරන්න පුළුවන් නම් අපි උත්සාහ කරනවා ඒක කරන්න. හැබැයි ඒක නිකං අයාලේ යන විදිහට නෙවෙයි. ටිකක් වැදගත් විදිහට. ඒ අවස්ථාව අපිට ලැබෙන්නෙ නැත්නම් නිහඬව පාඩුවේ කරන් යන වැඩ ටික කරන්න තමයි අපිට තියෙන්නෙ.

– ada

No comments:

Post a Comment

Post Bottom Ad