නොනිදන දඹුල්ල නගරයේ පිහිටි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 05-06-07 දින තුන වසා තැබීමට තීරණය කර ඇත.
දැනට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දිවයිනේ රෝගීන් වාර්තා වීම හා ප්‍රදේශ කිහිපයක් අධි අවධානම් කලාප නම් කර තිබිමත් හෙතුවෙන් දඹුල්ල ආර්ථික සංගමය මෙම තීරණය ගෙන ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන වෙළද කේන්ද්‍රයක් වීම හේතුවෙන් දිවයිනේ සැම ප්‍රදේශයකින්ම එළවලු හා පලතුරු රැගෙන එන පුද්ගලයන් බොහෝ පිරිසක් දිනපතා එක් රැස් වේ.
අවධානම් සහිත වසංගත රෝග තත්වයක් යටතේ ලංකාවටම බල පැවැත්වෙන පරිදි යොදා ඇති ඇදිරි නීතිය සදුදා දින ඉවත් කිරීමට නියමිත බැවින් මධ්‍යස්ථානයේ උග්‍ර තදබදයක් ඇතිවීමත්, පිරිස් පාලනය අපහසු වීමත්, සොඛ්‍යය උපදෙස් නිසි පරිදි ක්‍රියා කිරීමට නොහැකි විමටත් ඇති ඉඩකඩ වැඩිය හැකි බවට දඹුල්ල මහා නගර සභවේ සෞඛ්‍ය වෛද්‍යවරයා හා නගරාධිපතිවරයාගේ ඇතුලු සෞඛ්‍ය අංශ විසින් ලද උපදෙස් පරිදි වෙළද සංගමය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව වසා තබන දිනවලදි රටට අවශ්‍ය එළවලු පලතුරු ප්‍රාදෙශිය ලේකම් කාර්යාල හරහා ලබාදීම සිදුකිරිමට ක්‍රමවේදයක් සකසන බවද වාර්තා වේ.
– මහින්ද උදයසිරි දඹුල්ල
Saturday, April 4, 2020
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment