මට රාජ්‍ය ඇමතිකමක් දෙනවයි කියා බැසිල් පොරොන්දු වුනා - බදියුදීන්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රීට ඇමතිකමක් [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 18, 2021

මට රාජ්‍ය ඇමතිකමක් දෙනවයි කියා බැසිල් පොරොන්දු වුනා - බදියුදීන්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රීට ඇමතිකමක් [VIDEO]


තමනට රාජ්‍ය ඇමති ධූරයක් ලැබීමට නියමිත බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම් මහතා සඳහන් කරයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවේ ඇමතිධූර සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර ලබා දෙන බව පොරොන්දු වූ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධූරයේ දිවුරුම් දුන්නේ මෑතක දී නිසා ඔහු කියූ දේ ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදෙන ලද්දේ එම පදනම බව ද ඔහු සඳහන් කළේ ය.

අලි සබ්රි රහීම් මහතා නියෝජනය කරන්නේ රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයයි.

එම පක්‍ෂය පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad