පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන් මේ වෙලාවේ ජනතාවට උදව් කළ යුතුයි... ඒකට බාධා කරන්න මැතිවරණ කොමිසමට අයිතියක් නෑ – විමල් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 7, 2020

පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන් මේ වෙලාවේ ජනතාවට උදව් කළ යුතුයි... ඒකට බාධා කරන්න මැතිවරණ කොමිසමට අයිතියක් නෑ – විමල් - (video)

කොරෝනා වංසගතය මැද මැතිවරණ කොමිසම දේශපාලනයක නිරත වන බවත් වහාම බෙහෙත් ලබා දිය යුත්තේ ඒ සඳහා බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු මේ රට ඒකාධිපතිත්වය කරා යන බවට බ්‍රිතාන්‍ය බීබීසී සේවයට ප්‍රකාශයක් ලබා දී ඇති බවටත් එහි සභාපතිවරයා හිටි ගමන් නින්දෙන් නැඟිට මෙන් කොරෝනා මර්දන වැඩපිළිවෙළට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන බවටත් හෙතෙම චෝදනා කළේය.
මේ අවස්ථාවේ පක්ෂ භේදයකින් තොරව රාජ්‍ය නිලධාරීන් සමග එක්ව කොරෝනා මර්දන වැඩපිළි‍වෙළ සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බවත් ඊට බාධා කිරීමට මැතිවරණ කොමිසමට කිසිදු අයිතියක් නොමැති බවත් හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

කොරෝනා වසංගතය මැද දේශපාලකයන් ආධාර බෙදමින් පක්ෂය සහ තමන් ප්‍රවර්ධනය කරන බවට චෝදනා කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත යවන ලද ලිපිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad