05 වැනිදා දිවුරුම් දීමට සජිත් ඇමති ධුර බෙදයි.. R. පේ‍්‍රමදාස දැරූ පූර්ණ ඇමති ධුරය සජිත් පවරා ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 29, 2020

05 වැනිදා දිවුරුම් දීමට සජිත් ඇමති ධුර බෙදයි.. R. පේ‍්‍රමදාස දැරූ පූර්ණ ඇමති ධුරය සජිත් පවරා ගනී

මන්ට පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ලබාදුන්නේ තම පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවන ලද අමාත්‍යාංශයෙන් හයෙන් එකක සුළු කොටසක් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එළඹෙන පස් වෙනිදා මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් අගමැති ධුරය භාරගන්නා විට තම පියා විසින් එකල දරන ලද සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගෙන නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳා විප්ලවයක් කරන බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවති ජන හමුවක් අමතමිනි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක මරික්කාර් මහතාට තම ආණ්ජඩුව යටතේ ප්‍රබල ඇමති ධූරයක් ලබාදෙන බවද ඔහු එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad