MCC කාර්යාලය තියෙන්නේ දෙහිවල කීවාට මං හරියට දන්නෙත් නෑ, තාම හොයනවා - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 29, 2020

MCC කාර්යාලය තියෙන්නේ දෙහිවල කීවාට මං හරියට දන්නෙත් නෑ, තාම හොයනවා - විමල්

ශ්‍රී ලංකාවේ MCC කාර්යාලය පිහිටා ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ යැයි තමන් ප්‍රකාශ කළ ද තමන් එය හරියටම නොදන්නා බවත් ඒ පිළිබඳ තවදුරටත් තමන් සොයමින් සිටින බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

"දෙහිවලද .... දෙහිවල කියලා තමයි මට දැනගන්න ලැබිලා තියෙන්නෙ. නමුත් මම තවදුරටත් ඒ ගැන සොයාබලමින් ඉන්නෙ.
සමහරවිට ඇමරිකානු තානාපති කාර්යාලයට අයිති පරිශ්‍රය ඇතුළෙ වෙන්නත් පුළුවන්. ඒක පිළිබඳ තවදුරටත් මම තොරතුරු විමර්ශනය කරමින් ඉන්නෙ. මට දැනගන්න ලැබිච්ච හැටියට මේ ගොල්ලොන්ගෙ එක කාර්යාලයක් ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළෙත් තිබෙනවා, ඊට පිටිනුත් තව එක්ස්පර්ට්ලාගෙ ටීම් එකක් එම්සීසී කියලා හඳුන්වා නොගෙන නොනිල වශයෙන් කාර්යාලයක් පාවිච්චි කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ MCC කාර්යාලය පිහිටි ස්ථානය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සියල්ලදත් ආකාරයෙන් මාධ්‍ය හමු පවත්වමින් කට පාඩම් කරගත් කරුණු දෙසා බෑව ද ප්‍රශ්නයක් ඇසූ විට දේශපාලනඥයින් තඩමාරු වන්නේ මේ ආකාරයටය.


No comments:

Post a Comment

Post Bottom Ad