අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය විසින් ඊයේ (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ ඉරාකයේ බැග්ඩෑග් අගනුවර දී ඉරාන යුධ හමුදා ප්‍රධානියෙකු වන ජනරාල් කාසිම් සුලෙයිමානි ගමන් ගත් රථයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට ඔහුව ඝාතනය කිරිමේ චෝදනාවට අදාළවයි.
ඉකුත් ජනවාරි මස 03 වෙනිදා එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරය සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු 30 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කොට තිබෙනවා.
එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු එම ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය ජාත්‍යන්තර පොලිසියේ සහය ද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
Monday, June 29, 2020
අමෙරිකානු ජනපති ඇතුළු 30 දෙනෙකුට ඉරානයෙන් වරෙන්තු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment