හෝමාගම, පිටිපන ප‍්‍රදේශයේ පිහිටි වෙළඳ ආයතනයක සගවා තිබියදී ඊයේ (29) සොයා ගැනුණු ගිනිඅවි තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කොස්ගොඩ තාරක’’ නමැත්තාට අයත් බව කියන මෙම ආයුධ තොගය
අදාල ගොඩනැගිල්ල තුළ සඟවා ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කංජිපානි ඉම්රාන්’’ නමැත්තා ඝාතනය කිරීමට බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
‘‘කොස්ගොඩ තාරක’’ සහ ‘‘කංජිපානි ඉම්රාන්’’ රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේ වෙන් වෙන් සිරමැදිරි තුළයි. කංජිපානි ඉම්රාන් නඩු කටයුතු සඳහා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවක ඔහු ඉලක්ක කර වෙඩිතැබීමට අදාල ගිනිඅවි ගෙනවිත් ඇති බවටයි සැක කෙරෙන්නේ.
මේ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු 2011 වසරේදී එම ගොඩනැගිල්ල අසලදී වෙඩි ප‍්‍රහාරයකට ලක්වු තැනැත්තෙක්. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘‘කඩුවෙල වසන්ත’’ නමැත්තාගේ සමීපතමයෙකු සමග ද සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණ වී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ සිදුකළ මෙම වැටලීමේදී ගිනි අවි 12 ක් සොයා ගැනුණු අතර එය වාර්තා වූයේ මෙරට කි‍්‍රයාත්මක පාතාල කල්ලියක් සන්තකයේ තිබී සොයා ගැනුණු වැඩිම ගිනිඅවි ප‍්‍රමාණය ලෙසයි.
එලෙස සොයා ගැනුණු ගිනිඅවි අතරට ටී 56 වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී 81 වර්ගයේ ගිනිඅවියක් ද අයත්. එම ගිනිඅවි, දැනට බන්ධනාගාර ගත කර සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘‘ගගන’’ නමැත්තාට අයත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ ගිනි අවි සමග ගගන නමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන ‘‘පොට්ට කපිල’’ නමැත්තෙකු ද පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා.
ඔහු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ඊට අමතරව ගිනිඅවි සගවා තිබූ වෙළඳසැලේ හිමිකරු, ඔහුගේ බිරිඳ, සහ එහි සේවකයින් 08 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ද විශේෂ ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා
Monday, June 29, 2020
Home
ප්රවෘත්ති
බන්ධනාගාර බසයේදී කන්ජිපානි ඉම්රාන් මරන්න හදයි..ඊට පෙර සියලු අවි STF අල්ලයි – ගිනි අවි ගබඩාවේ තොරතුරු මෙන්න
බන්ධනාගාර බසයේදී කන්ජිපානි ඉම්රාන් මරන්න හදයි..ඊට පෙර සියලු අවි STF අල්ලයි – ගිනි අවි ගබඩාවේ තොරතුරු මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment