පසුගිය ආණ්ඩුව අවලංගු කළ ටෙන්ඩර් පත්‍රිකාවක් නිසා වත්මන් කැබිනට් මණ්ඩලයටම නොතිසි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 30, 2020

පසුගිය ආණ්ඩුව අවලංගු කළ ටෙන්ඩර් පත්‍රිකාවක් නිසා වත්මන් කැබිනට් මණ්ඩලයටම නොතිසි


ඉකුත් රජය සමයේදී අවලංගු කරනු ලැබූ ටෙන්ඩර් පත්‍රිකාවක් හේතුවෙන් වත්මන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 38 දෙනාට අධිකරණය විසින් නොතිසි නිකුත් කරනු ලැබුවා.

2018 වසරෙදී ලංකා ගමනාගමන් මන්ඩලයට ටයර් සැපයීමට අයදුම් කල ටෙන්ඩර් පත්‍රිකාව එවක කැබිනට් මන්ඩලය අත්තනෝමතිකව අවලංගු කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කල පෙත්සම ඊයේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

එහිදී මෙම පෙත්සමට සලකා බැලීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරනය කල අතර ඒ වෙනුවෙන් වර්තමාන කැබිනට් මණ්ඩලය ඇතුලු වග උත්තරකරුවන් 38 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කෙරුණා.

පෙත්සම ජූලි 27 වනදා කැඳවීමට නියමිතයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ දශින්ත් තාබෲ මහතා පෙනී සිටියා.

මෙම ටෙන්ඩර් පත්‍රිකාව අබිනට් අනුමැතියෙන් අවලංගු කර තිබුනේ 2018 වසරේදී.

No comments:

Post a Comment

Post Bottom Ad