අගෝස්තු 05න් පසු පොළොන්නරුවේ පාලකයා මමයි - හිටපු ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

අගෝස්තු 05න් පසු පොළොන්නරුවේ පාලකයා මමයි - හිටපු ජනපති

ළඹෙන අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන් පසු පොළොන්නරුවේ පාලනය තමන් යටතට ගන්නා බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ. තමන් පොලොන්නරුව සංවර්ධන සැලස්ම නිර්මාණය කරන විට ඔය යට ඇදුම් වල මලපහ කර ගන්නා අය දේශපාලනයේ සිටියේ නැති බවද ඔහු සඳහන් කරයි.

එළඹෙන මහ මැතිවරණයේදී තමන් පොළොන්නරුවෙන් මනාප එක් ලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා බවට අනාවැකියක්ද සිරිසේන මහතා පළ කර තිබේ. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වුයේ ජන්ද එක් ලක්ෂ හතලිස් දහසකට ආසන්න ප්‍රමාණයකි.


No comments:

Post a Comment

Post Bottom Ad