නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ඡන්දය ලබාදීමට අවස්ථාව සලසාදීම පිළිබඳව අද (27) අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් යළි එකඟතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බවය.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් සමග මැතිවරණ කොමිසම ඊයේ සාකච්ඡාවක නිරත විය.
එහිදී නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මේ අතර අගෝස්තු 5 වනදා පැවැත්වෙන ඡන්දයේ පළමු ප්‍රතිඵලය අගෝස්තු 6 වනදා පස්වරුව වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
Monday, July 27, 2020
Home
ප්රවෘත්ති
පළමු මැතිවරණ ප්‍රතිඵලය දෙන්නේ මේ වෙලාවට - නිරෝධායනයට ලක්කළ ඡන්ද දායකයින් ගැන තීන්දුව අද !
පළමු මැතිවරණ ප්‍රතිඵලය දෙන්නේ මේ වෙලාවට - නිරෝධායනයට ලක්කළ ඡන්ද දායකයින් ගැන තීන්දුව අද !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment