කොරෝනා හැදුණු සිරකරුවා සමග සිටි තිදෙනෙක් අසනීප වී රෝහලට – ඔහු සමග සිටි 100ක් නිදහස්ව ගෙදර ගිහින් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

කොරෝනා හැදුණු සිරකරුවා සමග සිටි තිදෙනෙක් අසනීප වී රෝහලට – ඔහු සමග සිටි 100ක් නිදහස්ව ගෙදර ගිහින් !

කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ රැඳවු දින සිට ඊයේ (07) දින දක්වා ඔහු සමග සිටි රැඳවියන් පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස් කරමින් සිටිනවා.

එම දිනයේ සිට මේ දක්වා රැඳවූවන් 100 දෙනෙකුට පමණ නිදහස හිමි වී ඔවුන් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් රැඳවූවන් 8 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා.

දෙදෙනෙක් කළුතර බන්ධනාගාරයට මාරු කර ඇති අතර මොණරාගල බන්ධනාගාරයට මාරු කළ පිරිස 03 දෙනෙකු වන අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් තිදෙනා රෝහල් ගත කර තිබෙනවා.

අද දිනයේ ද වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad