ජීව අත්බෝම්බයක් උල් පිහියක් සහ තවත් භාණ්ඩ තොගයක් සමග දෙහිවල ප්‍රදේශයේ මංකොල්ල කරුවෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

ජීව අත්බෝම්බයක් උල් පිහියක් සහ තවත් භාණ්ඩ තොගයක් සමග දෙහිවල ප්‍රදේශයේ මංකොල්ල කරුවෙකු අත්අඩංගුවට


දෙහිවල නැදිමාලේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් මං කොල්ල කෑමට පැමිණි සැකකරුවෙකු ජීව අත්බෝම්බයක් උල් පිහියක් සහ සොරාගත් භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලීසිය සමත්වුණා.

එම මංකොල්ල සිදුකරන අවස්ථාවේ අසල සිටි පොලිස් නිලධාරියෙකු එය වැලැක්වීමට උත්සහ කිරීමේදී ඔහු පොලිස් නිලධාරියාට පිහියෙන් ඇන තුවාල සිදුකර සිදුකර පලා ගොස් තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා කළුබෝවිල රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. ⁣මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ ජාලය ක සාමාජිකයෙකු බව පොලිසිය පවසනවා. මෙම සැකකරු යතුරුපැදියකින් තවත් පුද්ගලයකු සමඟ පැමිණ මෙම මංකොල්ලය සිදු කිරීමට උත්සාහ දරා තිබෙනවා.

ඔහු  සමඟ මංකොල්ලය සඳහා පැමිණි අනෙක් පුද්ගලයා පලා ගොස් තිබෙන අතර ඔහු සොයා ගැනීමට මෙහෙයුම දියත් කර තිබෙනවා. දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් මෙම සැකකරු පැය විසි හතරක් ගත වීමට ප්‍රථම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඔහු විසින් සොරා ගනු ලැබූ භාණ්ඩ අලෙවි කළ පුද්ගලයෙකුද භාණ්ඩ සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොයාගත් භාණ්ඩවල වටිනාකම රුපියල්හි ලක්ෂ හතරකට අධික බව පොලීසිය පවසනවා. දෙහිවල නුගේගොඩ මහරගම ආදී විවිධ ප්‍රදේශවල සුපිරි වෙළෙඳසල්  මං කොල්ල කෑමේ ජාලයක් මොවුන් විසින් පවත්වාගෙන ගොස් ඇති බවට පොලිසිය පවසනවා.

 වයස අවුරුදු විසි හතක් පමණ වන මෙම සැකකරු කොට්ටාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක වාසය කරන බව වැඩිදුරටත් පොලිස් විසින් පවසනු ලැබුවා. ඊයේ මෙම සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිසිය මගින් සිදු කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad