තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 2, 2020

තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ ඔවුන්ගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප‍්‍රශ්න කරමින් සිටින බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් ද මේ වන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය යළි ජාවාරම්කරුවන්ටම විකුණූ බවට එල්ල වූ චෝදනා මතයි.

එලෙස මත්කුඩු අළෙවි කර ලබාගත් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපල රැසක් දැනටමත් පොලිස් භාරයට ගෙන අවසන්. සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.


No comments:

Post a Comment

Post Bottom Ad