මෙම චීත්ත රෙදි තොගය ගෙන්වා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා බවයි අනාවරණය වන්නේ. අදාල රෙදි තොගය සමග රොෂාන් රණසිංහ මහතාගේ රුව ඇතුළත් පත්‍රිකා තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙවර මහ මැතිවරණය ස ඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් කොවිඩ් වෛරසය පවා සිය ප්‍රචාරණය සඳහා භාවිතා කරන බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ. ඇතැම් අපේක්ෂකයන් සිය ඡන්ද ලකුණ සහ මනාප අංකය සහිත මුව ආවරණ පවා බෙදාහරිමින් තිබෙන බව නිරීක්ෂණ සංවිධාන පවසනවා.
lankanewsweb


No comments:
Post a Comment