මහසෝනාත් බැඳගෙන වැඩගත්ත දකුණේ හයිය පෙන්නන්න තුනෙන් දෙකක් දෙන්න - අනූෂා දමයන්ති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 26, 2020

මහසෝනාත් බැඳගෙන වැඩගත්ත දකුණේ හයිය පෙන්නන්න තුනෙන් දෙකක් දෙන්න - අනූෂා දමයන්ති

දැනට සිටින්නේ විලංගු දැමූ ජනාධිපතිවරයකු බවත් ඒ තත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතු බවත් එම පක්ෂයට සම්බන්ධ ඉදිරිපෙළ නිළියක් වන අනූෂා දමයන්ති මහත්මිය පවසයි.


"මං කැමතියි අපේ රටේ නූතන වීර කැප්පෙටිපොලලට, වීර පුරන් අප්පුලාට, නූතන විහාර මහා දේවිලාට, සුගලා දේවිලාට කතා කරන්නට. ඒ සටන්කාමීත්වය තුළ දිනාගන්නට රට ගැනයි මේ කතා කරන්නේ.

මහසෝනාත් බැඳලා වැඩගත්ත දකුණ නම්, ඒ දකුණේ හයිය පෙන්නන්නම අවශ්‍යයි.

අපට ඉන්නෙ විලංගු දාපු ජනාධිපතිවරයෙක්. ඒක නිසා තමයි අපි කියන්නෙ තුනෙන් දෙකේ බලයක් දෙන්නට කියලා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

අනූෂා දමයන්ති මහත්මිය මේ බව පැවසුවේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad