බදියුදීන් පොලිසියේ.. පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන කටඋත්තර ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 26, 2020

බදියුදීන් පොලිසියේ.. පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන කටඋත්තර ගනී !

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (27) වව්නියාව ඊරට්පෙරියකුලම් පොලීසියට පැමිණියේය.


අද උදෑසන 10. 10 ට ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය වරයා ඊරට්පෙරියකුලම් පොලීසියට පැමිණි අතර එම අවස්ථාවට කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද පැමිණ සිටියහ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත කරන ලද නොතීසියකට අනුව හිටපු අමාත්‍ය වරයා අද දින මෙසේ ප්‍රකාශයක ලබා දීමට පැමිණ සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad