මංගල උත්සවයේ ‘සංගීතය’ මිනී මරයි - සැකකාර හමුදා සෙබළා රිමාන්ඞ්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 6, 2020

මංගල උත්සවයේ ‘සංගීතය’ මිනී මරයි - සැකකාර හමුදා සෙබළා රිමාන්ඞ්.


මීගහතැන්න පහළ හෙවෙස්ස ප‍්‍රදේශයේ (4 දා) රාති‍්‍රයේ පැවැති මංගල උත්සවයක සංගීතය නතර කළැයි ඇතිවූ වචන හුවමාරුවකින් පසු මංගල උත්සවය පැවැති නිවසේ හිමිකරු කපා කොටා ඝාතනය කරන ලදැයි කියන සිද්ධියක සැකකරු වූ යුද හමුදා සෙබළකු මේ මස 15 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා (5 දා) නියම කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරයට නියම වූයේ හොරණ කුඹුක යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු ලියනහේවගේ සුගත් ඉන්දික පුෂ්පකුමාර (අවු. 32) නම් වූ අයෙකි.

සිද්ධියෙන් මියගියේ හේවගේ සුමිත් කුමාර (අවු. 25) නම් වූ අයයි.

පසුගිය 4 වැනිදා රාති‍්‍රයේ මංගල උත්සවය පැවැති නිවසේ ඇතිවූ වචන හුවමාරුවෙන් පසුව පිටව ගොස් ඇති සැකකරු පෙරේදා (05 දා) අලූයම තියුණු පිහියක් රැුගෙන විත් දබර කර ඇති අතර සිද්ධියෙන් මියගිය අය සහ සැකකරු යන දෙදෙනාම තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

මොහු මියගොස් ඇත්තේ පෙරේදා (05 දා) දහවල් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

පෙරේදා (05 දා) දහවල් කළුතර, නාගොඩ මහ රෝහලට පැමිණ මළ සිරුර නිරීක්‍ෂණය කළ කළුතර වැඩ බලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන ලදී.

ඒ වනවිටත් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි සැකකාර හමුදා සෙබළා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සහ කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත මීගහතැන්න පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

විජයසිරි වද්‍යාසේකර - කළුතර සමූහ, බණ්ඩාරගම ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad