එජාප නායකත්වය ඉල්ලූ නවීන්ට වජිරගේ විරෝධය.. පිට ගෙදර එකා කියා චෝදනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

එජාප නායකත්වය ඉල්ලූ නවීන්ට වජිරගේ විරෝධය.. පිට ගෙදර එකා කියා චෝදනා !

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා විසින් කරණ ලද ප්‍රකාශයට ම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විරෝධය පළ කරයි.

ඔහු පවසන්නේ පක්ෂයේ නායකයෙක් දැනට මේ වන විට සිටිනා නිසා එම කාරණය මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතු නැති බවයි.

නවීන් දිසානායක මහතා විසින් සිදුකර ඇත්තේ අනවශ්‍ය නොමේරූ ප්‍රකාශයක් යයිද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් ගාල්ලේ දී සිදු කළ ප්‍රශ්න කිරීමක දී හිටපු ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

නවීන් දිසානායක මහතා මෑතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවති ජන හමුවකදී කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය අවශ්‍ය නොවන බවත් ය.

නායකත්වය ලැබෙන්නේ තමන්ගේ ගෙදර එකෙකුට මිස අල්ලපු ගෙදර එකෙකුට නොවන බවද ඔහු එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad