වැඩිම මැතිවරණ ප්‍රචාරණ වියදම ටෙලි‍ෆෝනයෙන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

වැඩිම මැතිවරණ ප්‍රචාරණ වියදම ටෙලි‍ෆෝනයෙන් !

හ මැතිවරණයට අදාළව ජුලි 02 වැනිදා සිට 15 වැනිදා දක්වා ඒ ඒ පක්ෂ මැතිවරණය වෙනුවෙන් සිදුකර ඇති ඇස්තමේන්තු ගත වියදම පිළිබඳව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කාලය තුළ වැඩිම ඇස්තමේන්තුගත වැඩිම වියදමක් දරා ඇත්තේ සමගි ජන බලවේගය වන අතර එය මිලියන 185කි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින අතර එම අගය මිලියන 151කි.

තෙවැනි ස්ථානයේ පසුවන එක්සත් ජාතික පක්ෂයේ වියදම රුපියල් මිලියන 123කි.

ඉන් අනතුරුව පිළිවෙළින් ජාතික ජන බලවේගය මිලියන 36ක්, අපේ ජන බල පක්ෂය මිලියන 13ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිලියන 5ක් සහ ඉලංකෛයි තමිල් අරුස කච්චි පක්ෂය මිලියනයක් වශයෙන් මුදල් වෙන්කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad