ජනාධිපතිගේ ඒකාධිපතිකම දැන් ජනතාවට එපා වෙලා ඉන්නේ.. ඔහුගේ හිට්ලර් මුහුණට ඡන්ද කැඩෙනවා.. පින්තූරය දාන්න එපා කිවේ ඒකයි - වික්‍රමබාහු කරුණාරත්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 3, 2020

ජනාධිපතිගේ ඒකාධිපතිකම දැන් ජනතාවට එපා වෙලා ඉන්නේ.. ඔහුගේ හිට්ලර් මුහුණට ඡන්ද කැඩෙනවා.. පින්තූරය දාන්න එපා කිවේ ඒකයි - වික්‍රමබාහු කරුණාරත්න

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මැතිවරණය සඳහා තම පින්තූරය භාවිතා නොකරන්නේ මැතිවරණ අපේක්ෂකයන්ට දන්වා ඇත්තේ ඔහුගේ පින්තූරය දැමුවමොත් ඡන්ද කැඩෙන නිසා බව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඒකාධිපති ස්වරූපය මේ වන විට ජනතාවට එපා වී ඇතැයිද ඔහු පැවසීය.

මෙම තත්වය යම් තාක් හෝ සමනය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස රාජකාරි කිරීමට පටන් ගැනීමෙන් පසුව බවත ඔහු සදහන් කලේය.

මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදීන් නොවන නායකයෙක් නිසා දෙමළ විරෝධී මුස්ලිම් විරෝධී තැනකට යයි යනු ඇති බවට හැඟීමක් නැතැයිද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිට්ලර් මුහුණ දැමූ පසු හමුදාවත් ඒකාධිපතිවාදය දමාගෙන යන ගමන ගැන අසාර්ථක බව වටහා ගෙන තිබීම මෙමගින් පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad