දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 3, 2020

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

යේ (2) දෙහිවල සම්පත් බැංකුවට අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි අයුරින් බුර්කාව හැඳ පැමිණි කාන්තාවකට බැංකුවට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන් ලෙස කෑ ගසමින් හැසිරුණු පුද්ගලයා ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයෙක් බව වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මුලිකවූ කාන්තාව බැංකුවට පැමිණ ඇත්තේ ඇස් දෙක පමණක් පෙනෙන ලෙස සම්පුර්ණ කළු පැහැති ලෝගුවකින් ශරීරය වසාගෙනය. එහිදී බැංකු ආරක්ෂක නිලධාරීන් දන්වා ඇත්තේ අනන්‍යතාවය පෙනෙන ලෙස බැංකුවට ඇතුළුවන ලෙසයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව සමග පැමිණි ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයා, කාන්තාව මුහුණ වසාගෙන සිටි බුර්කාවේ ඉදිරිපස කොටස පමණක් ගලවා ඉවත්කර තවත්පුද්ගලයෙකුට වීඩියෝ කරන ලෙස දන්වා නාටකය රඟ දක්වා ඇත.

එහිදී බුර්කාවේ මුහුණ වැසෙන කොටස මාස්ක් (Mask) එකක් ලෙස හැඳින්වීමට අදාළ පුද්ගලයා කටයුතු කල ද එවැනි කළු රෙදි කැබැල්ලක් සෞක්‍යාරක්ෂිත මාස්ක් (Mask) එකක් වන්නේ නැත. එම රෙදි කැබැල්ලෙන් ආශ්වාස ප්‍රශ්වාසයේදී, කැස්ස ඇතිවන අවස්ථාවල කෙල අංශු වාතයට මුසුවීම සිදුවේ.

පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හඳුනා ගැනීමේදී දෙකන් පැහැදිලිව පෙනෙන සේ තබා ගැනීම සම්මතය වුවද මෙම බුර්කාව හැඳ සිටි කාන්තාවගේ දෙකන් පෙනෙන්නේ ද නැත.

පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් වැනි කෙටි කාලයක් ගතවෙද්දී බහුතරයකට එය අමතකව ඇති මොහොතක තම බැංකුවෙන් සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙහිවල සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය අනුගමනය කල ආරක්ෂක ක්‍රමවේදය සෑම සියලු දෙනා අගය කල යුතුය. ගනුදෙනු සඳහා සම්පත් බැංකුව ඉතා ආරක්‍ෂිත ස්ථානයක් බවට නැවත වතාවක් සමාජය හමුවේ තහවුරු කිරීමට ඔවුන් සමත් වී ඇත.

-colombotoday


No comments:

Post a Comment

Post Bottom Ad