නීති කඩමින් සනත් නිශාන්ත යතුරු පැදි පෙලපාලිවල.. පුත්තලම බිය ගැන්වූයේ යයි මැකො කිපේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

නීති කඩමින් සනත් නිශාන්ත යතුරු පැදි පෙලපාලිවල.. පුත්තලම බිය ගැන්වූයේ යයි මැකො කිපේ !

පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස හතරක යතුරු පැදි පෙළපාලි ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න පොලිසියට ඉතා තදින් දැනුම් දුන් බවද ඔහු පැවසීය.

මෙවැනි මෝටර් සයිකල් පෙළපාලි වලින් ජනතාව බිය ගැන්වීම මෙන්ම තමන්ගේ කණ්ඩායම ප‍්‍රවර්ධනය කිරීම සිදුකරන බවද ඔහු සදහන් කළේය.

මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් යැයි ද ඔහු පවසයි.

කල්මුනේ ප්‍රදේශයේ දී ද ඩබල් කැබ් සහ අශ්වයන් යොදා ගමනින් යාමට සූදානම් කර තිබූ පෙළපාළියක් නවත්වා තිබූ බවත් තවත් එකක් නවත්වා ගැනීමට නොහැකි වු බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad