ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් ජාතිවාදී ලෙස කටයුතු නොකරන බවයි.
පසුගියදා සම්පත් බැංකුවේ සිදු වූ ගැටලුව හේතුවෙන් සියලු මුස්ලිම් කඩ වර්ජනය කළයුතු බවට අතුරලියේ රතන හිමි සිදුකළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැහැදිලි කළේය. එවැනි අන්දමින් මුස්ලිම් කඩ වර්ජනය කිරීම හරහා නැති ප්‍රශ්න ඇතිවිය හැකි බවත් එවැනි ක්‍රියාමාර්ගයකට පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් විරෝධය පළ කරන බව ද ඔහු සඳහන් කළේය.
බහුතර සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති පක්ෂයක් වන නමුත්, කිසිවිටෙකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙක් සුළු ජාතීන් පිළිබඳව අවිශ්වාසයෙන් කටයුතු නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


No comments:
Post a Comment