ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය දෙන්නැයි ආනන්ද සාගර හිමියන් ජනපතිගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය දෙන්නැයි ආනන්ද සාගර හිමියන් ජනපතිගෙන් ඉල්ලයි

ළඹෙන මහ මැතිවරණයෙන් පසු පිහිටුවනු ලබන නව රජයේ කැබිනට් මණ්ඩලයේ පරිසර ඇමති ධුරය උදය ගම්මන්පිල මහතාට ලබා දෙන ලෙස සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එවිට පරිසරය වෙනුවෙන් සටනකින් තොරව ඔහු සමඟ කටයුතු කළ හැකි බවද උන්වහන්සේ සඳහන් කරයි.

පරිසරය සම්බන්ධයෙන් වූ කටයුතු වලදී දේශපාලනයට එහා ගිය දායකත්වයක් හා කැප කිරීමක් ගම්මන්පිල මහතා පසුගිය කාලයේ දැක්වූ බව පෙන්වා දෙන උන්වහන්සේ විල්පත්තු වන සංහාරය එරෙහිව ගම්මන්පිල මහතා ඉතා වටිනා දායකත්වයක් දැක්වූ බවද සඳහන් කරයි.

පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මෙම අදහස් පල කලේ “හරිත හෙටක් – මනාපයට පැලයක්” ප්‍රතිඥාව පරිසරවේදීන් වෙත ලබා දීමේ වැඩසටහන හා එක්වෙමිනි.

උන්වහන්සේ මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේ ජනබල පක්ෂයෙන් තරග වදී.


No comments:

Post a Comment

Post Bottom Ad