ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතු කරන බවට චෝදනා නැඟෙයි.
තමා ගමන් කරන පෞද්ගලික වාහනයෙහි මැතිවරණ අපෙක්ෂකයන්ට සිය නම සහ අංකය ප්‍රදර්ශනය කළ හැකි වුවද වෙනත් වාහන ඒ සඳහා යොදා ගත නොහැකිය.
එසේම අදාළ අපේක්ෂකයා රථයේ නොමැතිව අංක සහ නම් ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය ද තහනම්ය.
කෙසේ වුවද ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සමරසිංහ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බස් රථයක් සම්පූර්ණයෙන් වර්ණ ගන්වා ඇත.
මෙය මැතිවරණ නීති උල්ලංඝනයක් බවට සමාජමාධ්‍යවල නැගෙන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ සාමාජිකයන් පවසන්නේ එම බස් රථය මැතිවරණ සමයෙහි වසන්ත සමරසිංහ සිය පෞද්ගලික රථය ලෙස භාවිත කරන නිසා එහි කිසිදු මැතිවරණ නීති උල්ලංඝනයක් නොමැති බවය.
Wednesday, July 8, 2020
ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment