විවාහක පෙම්වතා මහනුවර පදිංචි අයෙක්, විවාහයට දියණිය අකැමැති වෙලා - කටාර්වලදී එකම පවුලේ තුන්දෙනෙකු නොඑන ගමන් යැවූ බිහිසුණු ඝාතනයේ තවත් තොරතුරු එළියට - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 8, 2020

විවාහක පෙම්වතා මහනුවර පදිංචි අයෙක්, විවාහයට දියණිය අකැමැති වෙලා - කටාර්වලදී එකම පවුලේ තුන්දෙනෙකු නොඑන ගමන් යැවූ බිහිසුණු ඝාතනයේ තවත් තොරතුරු එළියට - (video)

කටාර් රාජ්‍යයේ පදිංචිව සිටියදී ඝාතනයට ලක්වූ එකම පවුලේ තිදෙනා නින්දේදී හෝ සිහිසුන් කොට, එකම ආකාරයට ඝාතනය කර ඇති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද සිදුකෙරුණේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී.


කටාර් රාජ්‍යයේදී ඝාතනය ලක්වූ එකම පවුලේ තිදෙනෙකුගේ දේහයන් ඊයේ මෙරටට ගෙන එනු ලැබුවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කටාර් රාජ්‍යයේ පදිංචිව සිටි 55 හැවිරිදි ලෝගිදාසන් මහේන්ද්‍ර රාජ්, 54 හැවිරිදි ඔහුගේ බිරිඳ වන සර්වමුත්තු වික්ටෝරියා සහ ඔවුන්ගේ දියණිය වන 34 හැවිරිදි රාජ් සුදර්ශනී යන අයයි.

කටාර් රාජ්‍යයේ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමඟ එම දියණිය ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, පසුව හෙළිව ඇත්තේ ඔහු විවාහකයෙකු බවයි.

ඒ අනුව ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීමට තීරණය කළ පසු එම තරුණයා තියුණු ආයුධයකින් පහර දී ඔවුන් තිදෙනාව ඝාතනය කර ලංකාවට පළා විත් තිබෙනවා.

එම ඝාතන සිදුවූ අවස්ථාවේ කටාර් රාජ්‍යයේදී ලබාගෙන තිබූ ඡායාරූපයි මේ.

‍මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද පස්වරුවේ මීගමුව - වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේදියි.

ඒ අවස්ථාවට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. කේ. විජේවර්ධන මහතා ද එක්වූ අතර, අවසන් කටයුතු සඳහා මෘත දේහයන් ඥාතීන්ට භාරදෙනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad