එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 කගේ සහ එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගෝස්තු 05 වැනිදා එජාප පාක්ෂිකයන් සහ රටේ ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කිරීමෙන් වික්‍රමසිංහ හවුලේ ඩීල් දේශපාලනය තවදුරටත් සනාථ වන බවයි.
අදාල නිවේදනය මෙසේය.
කුමන්ත්‍රණවලට නිසි පිළිතුරු ජනතා අධිකරණයේදී ලැබෙනු ඇත.
එළඹෙන මැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් දේශපාලන තුරුම්පුව ද ක්‍රියාවට නංවා තිබේ .එය ඔහුගේ සුපුරුදු දේශපාලනයේම දිගුවකි .පසුගිය ඉතිහාසය පුරාම පක්ෂයේ නායකයින් ක්‍රියාකාරීන් සාමාජිකයින් සිය ගණනක් පක්ෂයෙන් ඉවත් කිරීමට නෙරපා හැරීමට හෝ පක්ෂය හැර යෑමට සලස්වමින් තමාගේ සහ තම මිතුරන්ගේ නායකත්වය රැක ගැනීමට කටයුතු කළ වික්‍රමසිංහ මහතා අද වන විට පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සෘජුවම දායක වී සිටී .
සමගි ජන බලවේගයෙන් තරග කරනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු සහ සහය දක්වනු ලබන පලාත් පාලන නියෝජිත පිරිසක් පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ද ආණ්ඩුව සමග වික්‍රමසිංහ හවුලේ ඩිල් දේශපාලනය යළිත් තහවුරු කිරීමකි .
සිය දේශපාලනය තුළ පක්ෂ සාමාජිකයින් පලවා හැරීමත් නෙරපා හැරීමත් තුළ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට යවමින් දශක තුනකට වැඩි කාලයක් ජයග්‍රහණයක් ලබා නොදී ආණ්ඩුවට තවදුරටත් මුක්කු ගසන වික්‍රමසිංහ කල්ලියට අගෝස්තු 5 වන දා ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇත .
මාධ්‍ය අංශය
සමගි ජනබලවේගය
Tuesday, July 28, 2020
Home
ප්රවෘත්ති
කුමන්ත්‍රණකරුවන්ට ජනතාව නිසි පිළිතුරු දෙනු ඇත - පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ගැන සජිත්ගෙන් නිවේදනයක්
කුමන්ත්‍රණකරුවන්ට ජනතාව නිසි පිළිතුරු දෙනු ඇත - පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ගැන සජිත්ගෙන් නිවේදනයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment