Mihinthale Himi - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 3, 2020

Mihinthale Himi

හ මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු බෞද්ධ හිමිනමකට ඡන්ද නොදෙන ලෙස මිහින්තලේ රජමහ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි බෞද්ධ ජනතාව ගෙන් ඉල්ලා සිටිති.

භික්ෂූන් වහන්සේලාගේ වගකීම පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම මිස රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම හෝ පාර්ලිමේන්තු යාම නොවන බව උන්වහන්සේ පෙන්වා දෙති.

එළඹෙන මහ මැතිවරණය සඳහා භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබා දීම හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පත් කිරීම සිදු නොකරන ලෙස තෛනිකායික මහා නායක භික්ෂූන් වහන්සේලා සියලුම දේශපාලන පක්ෂවල නායකයින් ගෙන් ඉල්ලා සිටි බවත්, මේ නිසාම භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙනම පක්ෂ හදා ගෙන මැතිවරණයට ඉදිරිපත් වී ඇතැයි පවසන ආචාර්ය ධම්මරතන හිමියන්, මෙය තෛනිකායික මහා නායක හිමිවරුන්ගේ මතයට ගරු නොකර අත්තනෝමතික ලෙස කටයුතු කිරීමක් බව ද අවධාරණය කර සිටිති.

එහෙයින් කිසිම භික්ෂූන් වහන්සේ නමකට සිය ඡන්දය ලබා නොදෙන ලෙස, මහා සංඝ රත්නයට සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් රැකබලා ගන්නා ජනතාව ගෙන් මිහින්තලේ විහාරාධිපති නාහිමියන් කරුකිකව ඉල්ලා සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad